Thursday, July 30, 2015

ප්‍රජාපතී පරපුර


දරුවෙක් හදන්න
අඩුවක් නොවුනත්
තමිලිනී
හැදුවේ
යුද්ධෙන් අනාථ වෙච්ච
අනුන්ගේ දරුවෙක්

කසාදයක් කරගන්න
අඩුවක් නොවුනත්
සෝමලතා
ගාමන්ට් ගියේ
අම්මයි තාත්තයි
බලාගන්න

කැම්පස් යාමට
අඩුවක් නොවුනත්
ෆරිදා
රට ගියේ
නංගිලා මල්ලිලව
කැම්පස් යවන්න

අනුන් වෙනුවෙන්
තමන් අමතක කළ
ප්‍රජාපතිගේ
පරපුර
තවමත්
සීරුවෙන්!!

Friday, July 24, 2015

නුඹ!


විලිරුදාවට පෙර

අතහැරුණු

සල් අත්ත

නුඹ!








WHITNEY HOUSTON LYRICS

"Run To You"

I know that when you look at me
There's so much that you just don't see
But if you would only take the time
I know in my heart you'd find
A girl who's scared sometimes
Who isn't always strong
Can't you see the hurt in me?
I feel so all alone

I wanna run to you (oooh)
I wanna run to you (oooh)
Won't you hold me in your arms
And keep me safe from harm
I wanna run to you (oooh)
But if I come to you (oooh)
Tell me, will you stay or will you run away

Each day, each day I play the role
Of someone always in control
But at night I come home and turn the key
There's nobody there, no one cares for me
What's the sense of trying hard to find your dreams
Without someone to share it with
Tell me what does it mean?

[chorus]

I need you here
I need you here to wipe away my tears
To kiss away my fears
If you only knew how much...

[chorus] 

Writer(s): Allan Dennis Rich
Copyright: Music Corp. Of America Inc., Nelana Music
Music Video Composition to this Blog by (No commercial Value): Nil Gunawardana  

කලු-සුදු




උඹ සුදුයි - මම කලුයි

උඹ හැඩයි - මම කැතයි

උඹ උසයි - මම කොටයි

උඹ තරුණයි - මම වයසයි

උඹ පිරිමි - මම ගැහැණු

උඹ නගරේ - මම ගමේ

උඹ පෝසත් - මම දුප්පත්




ඒත් ...........




මම බෝසත් - උඹ දෙව්දත්




14/06/2015

මම


මම අස්සයෙකු වෙමි
හැල්මේ දුවන....
නෙක නෙක තරඟය
දිනිය යුතු නම් දිවිය යුතුමය

මට ඕනේ
ගංගාවක් වෙන්න...
හිමින් හිමින් ගලා ගොසින්
මුහුදට වැටෙන්න....
ඒත් මම අස්සයෙක්
හැල්මේ දුවන....

මට ඕනේ
බඹරෙක් වෙන්න
මලින් මලට
පියාඹලා රොන් උරන
ඒත් මම අස්සයෙක්
හැල්මේ දුවන....

මට ඕනේ
වැලක් වෙන්න
ගස් වටේ එති එතී
නිදහසේ ලතවෙන්න
ඒත් මම අස්සයෙක්
හැල්මේ දුවන....

මට ඕනේ
මම වෙන්න
ඔහේ නිදහසේ
ජිවත් වෙන්න
ඒත් මම අස්සයෙක්
හැල්මේ දුවන....


තනිකම 


ආදර කතා ගැන
නිබඳව කතා ඇසෙන සඳ
මට තිබුණු ඔබෙ ආදරය ගැන
නිතැතින් සිහිවේ හැමවෙලේ මට

වසරක් දෙකක් නොව
ජිවිතේ පුරාවට
එකමග යමුයි කී ඔබ
මා තනිකර විගසම
සුරලොව යන්ට සිතුවේ කිම

ආදරය නොවේද කලේ අප
අයිති වන්නට ඕනාමද අනිකාව
ජීවත්වෙන්න ඕනේනම් හෙටද
ලැබිය යුතුව තිබුනද අප හට අපිව

මතු යම් කිසි භවයක
හමුවෙනවානම් ඔබ
පොරොන්දුවක් ගමි මම
යලි හැර නොයනා ලෙස

අත්තම්මා

දොරකඩ පඩිය උඩ
යොමාන නෙත් අනන්තයට
කොතරම් කාලයක්
ඉන්න ඇතිද අත්තම්මේ උඹ

“මී පුප් ලදිම් දරු නොලදීම්
රන්කැටි පුතා කෝ කෝ”

කිසාගෝතමී ට, පටාචාරා ට
අවබෝධවුවාට සත්‍ය
අත්තම්මා බලන් හිටියා
මැරෙනකම්ම
එකක්ද දෙකක්ද දරුවන්ම තුන්දෙනෙක්

හ්හ්හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්
අහස පොළව දෙදරා යන සුසුම්

දන්නා මුත් නොඑන බව ඔවුන්
උඹේ ඇස් සුසුම් හෙලමින්
බලන් සිටියා....
මැරෙනකම්ම

හැරගිය දිනේ ත් උඹ මේ ලෝකය
යොමුවී තිබුනේ උඹේ දෑස් අනන්තයට

“මී පුප් ලදිම් දරු නොලදීම්
රන්කැටි පුතා කෝ කෝ”

11/04/2015

ජෙයා....


උඹ ගිහින්
අවුරුදු 32 ක් ගත වෙලා
හොඳටම කල් වැඩියි ජෙයා
මට හරිම පාලුයි....
මතකද උඹට අපි ජංගි කොට ගහන්
කොට තාප්පේ උඩ වාඩි වෙලා හිටපු හැටි

එදා .....ඒ දවසෙ ...
පාන්දර අපේ තාත්තා
උඹලව කෝවිලට ඇරලවනකොට
මං හොඳටම නිදි ජෙයා...
මට උඹේන්වත්
උඹට මගේන්වත්
සමුගන්න බැරි වුණා...

උඹට මතකද ජෙයා...
උඹලගේ ගේට්ටුවේ එල්ලිලා
ගේට්ටු පැදපු හැටි ...
උඹලගේ අම්මා හරි
අපේ අම්මා හරි
දෙන දෙයක් කන ගමන් අපි ගේට්ටු පැද්දා...

උඹට මතකද ජෙයා...
ඉස්සරහ දර මඩුවේ
දර කිරන තරාදියේ
පැත්තකට පඩි දාල
අනික් පැත්තට අපි නැගල
හොන්ඩර වලින් බර මැනපු හැටි
උඹට මතකද ජෙයා....

දැන් උඹත් මං වගේම වයසයිද
මගේ වගේම උඹේ කොන්ඩේත්
සුදු කොණ්ඩා එනවාද.....
හම රැලි වැටෙනවාද
කසාද බැඳලද...
මහත්තයා හැන්ඩ්සම් ද
ළමයි ඉන්නවාද
උඹ තවම ජිවිතේ විඳිනවද
නැත්නම මට වගේ උඹටත්
වගකීම් වැඩි වෙලාද
මට වගේම උඹටත් ... මාව මග හැරුනාද

ජෙයා..ඇති ජෙයා දැන්....
හරිම පාලුයි....
ඒක දවසක ඇවිත් පලයන්
ඉස්සර වගේ නෙමෙයි මං
දැන් හරිම ශක්තිමත්
බය වෙන්න එපා උඹ
ආයේ දෙන්නෑ මොකෙකුටවත්
උඹලගේ ගේ ගිනි තියන්න.......

අම්මා

සති අන්ත රුපවාහිනියේ
දස්කොන් නොවරදවා
අම්මා නරඹන්නේ......


මා ද එය නැරඹු සඳ
අපැහැදිලි තැන් කීපයක් දැක
හසිතගේ හා සුජිවගේ
පෙරදා සමුහයක ඇතිවූ කතා බහකින්
උකහා ගත් දැනුමෙන් බිඳක්
අම්මා ඉදිරියේ තැබුවේ.....

"ඇත්තටම අම්මේ මෙහෙමයි අතීතය...."
මා දොඩමලු වූ සඳ..
මුව මදක් අයාගෙන
ඔලුවත් බිඳක් වන වන
මගේ ශිෂ්‍යයෙක් විලසින
ඇයගේ සවන් මා වෙත යොමුවිය ....

දෙවියන් ඉදිරියේ
එකත්පස්ව වැඳ සිටිනා
භක්තිවන්තයෙක් විලසට
මා කියන සියළු දේ
ඉස් මුදුනින් පිළිගෙන....
මතකයි අම්මේ මුළු ජීවිත කාලෙම
ඔබ මා විශ්වාස කළ වග.


මා ඔබ කුස තුලට ආ දින
මා ඉපදිය යුතු නැතැයි
අත්තම්මා තීරණය කළ සඳ
මගේ දරුවා ගබ්සා නොකරමියි
එකහෙළා තීරණය කළ නුඹ .....

එදා සිට...
ගල් සමඟ මල් පිරුණු ජිවිතේ
පියවරක් පියවරක් පාසාම
ඔබ මාව විශ්වාස කළ බව
දැනෙනකොට ඉනුවා කඳුළු
නෙත් අගට.

තිබුනත් උඹට හීන ගොඩක්
මං වට කරගෙන...
උත්සහ කලේ නැහැ නුඹ
මට බල කර ඒවා මුදුන් පමුණුවා ගන්නට
හැමවිටම මගේ හීනෙ මං උඹට පැවසු කළ
උඹේ හීනෙ අත් හැරියා උඹ
පුංචි නෝක්කඩුවක් වත් නොමැතිව ....

තව ආත්මෙක ඉපදෙන්න
පෙරුම් පිරුවේ නැතත් මම
හදිස්සියෙවත් ඉපදුනොත්
පතනවා උඹ මගේ දුව වෙන්න...

උඹ දුන්න ආදරේ උඹට එහෙමම දෙන්න....
උඹ දුන්න රැකවරණෙ උඹට එහෙමම දෙන්න....
උඹ දුන්න ජිවිතේ ආයේ උඹටම දෙන්න.....

22/03/2015