Tuesday, June 28, 2016

අපි......



උඹ, කරගැහව්ව මුට්ටෙක
තිබුණු ළුනුවල ගඳ
උඹේ පිට දිගේ පෙරුණා.....

මම, සුද්ද කරපු වැසිකිළියක
අරන්දාපු කැත කුණු ගඳ
මගේ දෑතින් හැමුවා...

අපි, පාරේ පයිප්පෙන් වතුර නාලා
පෙට්ටි කඩෙන් පාන් බාගයක් අරන්
රෑවෙලා අපේ ගෙට වැදුණා.....