Sunday, February 14, 2016

වැලන්ටයින්ස් ඩේ...!



ඊයේ නුවර ඉඳන් එනකොට බස් එකේදී ටිකක් නින්ද ගියා...ඇහැරෙනකොට පිටිපස්සෙන් මෙහෙම දෙබසක් ඇහෙනවා......

පෙම්වතියක් තමන්ගේ පෙම්වතා එක්ක වෙන්න ඕන ෆෝන් එකෙන් කතාව
 
ඔයා මොකටද ඔය ප්‍රශ්න මගෙන් අහන්නේ....
මම කන්න කැමතිම ෆැබ් එකේ කේක්...
චොකලට් නම්...මං හරි ආසයි කැඩ්බරි වලට...
රෝස වලට කවුද අනේ අකැමැති...
හෙට මොනවද ඕනේ?
ඔයා ඔය මෙච්චර වෙලා ඇහැව්වේ හෙට දෙන්නද?
අනේ..මට එහෙම කේක් එපා ෆැබ් එකේ ගණන් නේ....කැඩ්බරි නැතුව එඩ්නා වගේ එකක් ගේන්නකෝ....
මල් ඔයාට දෙන්න ඕනෙමනම් වෙන දවසක අරං දෙන්න මට....හෙට බොරුවට ගණන් වැඩියි...
මම කිව්වේ මම කැමති ඒවානේ...
ඔයා අරං දෙනවනම් ඒවා නැති වුනාට කමක් නැහැ...
අපි නිකන් සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ....
ඔයා දෙන ඕන දෙයක් මට ගොඩාක් වටිනවා ඉතිං සල්ලි ගොඩක් වියදම් කරන්න යන්න එපා......
==========================

මම හැරිලා බැලුවා....ගොඩක් ලොකු දරුවෙක් නෙමේ....පොඩි කෙල්ලෙක්....ඉතින් සතුටක් ආව....හීන ලෝකෙක හිරවෙලා ආදරවන්තයින්ගේ දිනය සමරනවා වෙනුවට ඇය ජිවිතේ තේරුම් අරගෙන සිටිනවාද කියල....ඒ වගේම අනික් පැත්තට හිතුනේ , එයාට ජිවිතේ ගොඩක් නොලැබුණු දේවල් ඇති...අමාරුකම් ඇති.....ඒකයි හීන හංගාගෙන ඒ හීන වෙනුවට ඇය ආදේශක ඉදිරිපත් කරන්නේ වෙන්න ඇති....ජිවිතේ ගැන තේරුම් ගතිපු පෙම්වතියක් නම් ඈ.....ඒ තේරුම් ගැනීම හේතුවෙන් ඇය ගන්න තීරණ නිසා එයාට හිත් රිදවා ගැනීම් නම් වෙන්න එපා කියල හිතෙන් ප්‍රාර්ථනා කරලා මම ආයේ ඇස් වහගත්තේ තව පොඩි නින්දක් දාන්න.

Wednesday, February 3, 2016

අභිමානවත් නිදහස...!!

අභිමානයෙන් සමරන නිදහස් දවස සමරන්න තව තියෙන්නේ පැය 24 කටත් වඩා අඩු කාලයක්.....මේ සැරේ නිදහස තවත් අභිමානයෙන් සමරන්න තවත් අලුත් ඇප් එකකුත් මුහුණු පොතට එකතු වෙලා......නමුත් ඔය කියන නිදහස අපිට සමරන්න තරම් ලැබී තියනවද...ඇත්තටම නිදහසක් දිනා ගත්තද? කියන ප්‍රශ්නේ අපි ළඟ එහෙම්මම ඉතිරිවෙලා තියෙනවා....ගතින්, සිතින්, අදහස් වලින්, ආකල්ප වලින් හැම දෙයකින්ම පර ගැතියන් වී එක් දිනක් පමණක් සමරන මේ නිදහස කියනකොට මතක් වෙන්නේ....නිදහස ලැබුණා මල්ලි නිදහස ලැබුණා...තලු මරන්න මිහිරි අකුරු හතරක් ලැබුණා......කොහොමහරි ඉතින්, එහෙව් නිදහසක් අපි සමරන

ඒක එහෙම වෙද්දී.......අපේ රටේ ව්‍යවස්තාවෙත් අඩංගු කරලා නැහැ ජිවත් වීමේ අයිතිය කියන එක. මිනිස්සුන්ට මොනදේ කරන්න අයිතියක් තිබුනත් ජීවත්වෙන්න අයිතියක් නැතිනම් ඉතින් වැඩක් තියෙනවය?....ඒ තත්වය එහෙම වුනත් අපි හැමෝම ගෙයක් දොරක් හදාගෙන එහෙම නැතිනම් ගෙයක් දොරක් කුලියට අරගෙන, එහෙම නැතිනම් බෝඩිමක, අනාථ මඩමක හරි කොහොමහරි ජිවිතේ ගැට ගහ ගන්නවා...නමුත් අපි අතරේ, අපට එදිනෙදා හමුවන පිරිසක් ඉන්නවා....මෙහෙම ගෙයක් දොරක් නැතිව කොහේ හරි ටවුමක, පේමන්ට් එකක, කඩ පිලක, අගුවක රැය පහන් කරන....... එක් රැයක් පිටකොටුවේ ස්ටේෂන් එක අවට ප්‍රදේශය පොඩ්ඩක් නිරීක්ෂණය කලොත් කවුරු හරි, හොඳට තේරෙයි කොතරම් පිරිසක් ජිවත් වෙන්න නිශ්චිත ස්ථානයක් නැතුව මහපාරේ, බස් හෝල්ට් එකේ, පේමන්ට් එකේ කාලය ගත කරනවාද කියල..........මේ සමඟ යොදා ඇති චායාරුපය ඇත්තටම ටිකක් ඈතින් ඉඳන් ගත්තේ මොකද මේකේ ඉන්නේ මනුස්සයෝ හින්ද. කොටුවේ ස්ටේෂන් එක අවට රෑට මේ වගේ වටේටම මිනිස්සු රෙදි දාගෙන, කාඩ් බෝඩ් එලාගෙන නිදා ගන්නවා. මේ අතරේ එක එක අය සිටිනවා....සමහරු ඉන්නවා දුර ඉඳන් ඇවිත් මොනවහරි රාජකාරියක් කරගන්න කොළඹ රැය පහන් කරන්න තැනක් නැතුව එතනම බංකුවක් උඩ, බස් හෝල්ට් එකේ එහෙම නැතිනම් ගහක් යට ඉඳල අදාළ රාජකාරියට යන්න. තවත් කට්ටියක් හිසට සෙවනක් නැති උදවිය කියල සිතිය හැකි හැමදාම රෑට නිදාගැනීම සඳහා කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහට වාර්තා කරන උදවිය. පහුගිය කාලේ මේ උදවිය ටිකක් ලඟින් නිරීක්ෂණය කරන්න ලැබුණා....මෙතන ඉන්නවා තරුණ මහලු ගැහැණු පිරිමි දෙපාර්ශවයම...ඒ අයගේ රාත්‍රිය ගත කිරීම හරිම ඛේදනීයයි....අපි එකදිගට දිගු නින්දකින් රැය පහන් කරනකොට...මේගොල්ලන්ව වරින් වර පොලිසිය පැමිණ අවදි කරවනවා...පොලිසිය රෑ මුර සංචාරයේ එක වටයක් යනකොට ඇහැරවනවා ...ඒ විතරක් නෙමෙයි ඒ තැන් වලින් එලවනවා...ඉතින් මේ මිනිස්සු බඩු ඔක්කොම පොදි බැඳගෙන දුවනවා..... දුවල වටෙන් ඇවිත් ආයෙමත් එතනම ඇල වෙනවා...ඔය චක්‍රය උදේ වෙනකම් යනවා....

රටක නිවැරදි සමාජ-ආර්ථික රටාවක් තිබුණානම් මේ මිනිස්සු මේ තත්වයට පත්වෙන්නෙම නැහැ...දැන් කොහොමහරි තත්වය මෙහෙම වෙච්ච එකේ අඩු තරමේ අපේ රටෙත් නිවැරදි සමාජ ආරක්ෂණ ක්‍රමයක් තිබුණානම්, පොලිසිය මේ මිනිස්සුන්ව නින්දෙන් ඇහැරවල එලවනවා වෙනුවට වෙන දෙයක් කරන්න ඉඩ තිබුණ...ඒ එක්කම හැම ප්‍රදේශයකම තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න මිට අදාළ නිලධාරියා ඔහුගේ / ඇයගේ කාර්යය හරියට කරනවානම් මේ තරම් පිරිසක් රෑට කොටුවේ කොතැනක හෝ නිදානොගන්න ඉඩ තිබුණ....මොකක් හෝ හේතුවක් නිසා මේ මිනිස්සු මහමඟට වැටිලා .... ජිවත් වෙන්න තැනක් නැතිව, කරන්න රස්සාවක් නැතිව....තැන් තැන් වල කවුරු හරි දෙන කෑම පැකට් එකක් කාල ජිවත් වෙන්නේ ආසාවෙන් වෙන්න බැහැ....ඒත් කවුද මේ අය ගැනත් හිතන්නේ...තම තමන් තනිව ගොඩ යාමක් මිස සමාජයක් එකට ගොඩ යාමක් ගැන හිතන අහලටවත් තවම අපි පැමිණ නැහැ....තම තමන්ට අදාළ පෞද්ගලික නිදහස මිසක් මුළු සමාජයේම තියෙන සමාජ-ආර්ථික ප්‍රශ්න වලින් මිදෙන්න අපිට තවම ඕන කමක් නැහැ.....එහෙම තිබෙන අතලොස්සක් හිටියත් ප්‍රමාණය මදිකම නිසාම ඒ පරාර්ථකාමී උවමනාවන් ඉෂ්ඨ කරගැනීම වෙනුවෙන් හඬ නැගීම් වලට වගකිවයුතු ප්‍රතිචාරයන් ලැබෙන්නේ නැහැ....පාලකයින්ට මේ ප්‍රශ්න වලට සැබෑ පිළිතුරු දෙන්න තරම් උවමනාවක් නැහැ....මොකද සමහරවිට මේ මිනිස්සුන්ට චන්ද අයිතියවත් නැති නිසා.....ඉතින් මේ නිදහසක් නාමිකව හෝ එළඹෙන දවසේ අප ඉදිරියේ ඇති ප්‍රශ්නය වන්නේ.... මේ දේවල් වලට පිළිතුරු අපි අපිම සොයා ගන්නවාද?...නැතිනම් තවදුරටත් මේ ක්‍රමය අස්සෙම හිරවුණු කුමන හෝ පාටක හෝ දේශපාලනයක් අපිට සැබෑ නිදහස ලබා දෙනකම් බලා සිටිනවද? එහෙමත් නැතිනම් පොදු මහජනයා හැටියට සංවිධානය වී අපි, අපිට උරුම නිදහස ලබා ගන්නවද? යන්නයි..... එකම අපායක දැවෙමින් ඉන්නවද....නැතිනම් එකතුවී එයින් ගොඩ යනවාද කියන එක අප ඉක්මනින් තීරණය කළහොත් අපට ඉක්මනින් මහා ඉහලින් සැමරීමට නිදහසක් උදාවනු නියතයි!!
වෙලේ අපේ රටේ ජිවත් වෙන්න නිදහස නැතුව, දේශපාලනය කරන්න නිදහස නැතිව අතුරුදහන්වූ, මියගිය රට හැර ගිය ප්‍රමාණය අති විශාලයි. මේ වෙද්දී වර්තමානයේත් ඒ වගේ ප්‍රශ්න රාශියක් අප හමුවේ තියෙනවා. නමුත් අපි ඒවා නොදැක්කා වගෙත් ඉන්නවා.....සැබෑ නිදහසක්....නිදහසේ හුස්ම ගන්න, නිදහසේ ජිවත් වෙන්න, තමන් කැමති රැකියාව කරන්න, තමන් කැමති විදියට අඳින්න, කන්න බොන්න, අදහස් ප්‍රකාශ කරන්න, දේශපාලනය කරන්න, සුරා කෑමට ලක් නොවී ඉන්න, වැඩ කරන තරමට පඩි ලැබෙන්න, සැමට සමව අධ්‍යාපනය ලබන්න...මේ වගේ සැබෑ නිදහසක් කවදා අපිට සමරන්න ලැබෙයිද කියල හිතා ගන්න බැහැ. සමරන්න පෙර අත්පත් කරගන්න එපැයි ඉතිං කොහොමටත්......