Thursday, July 30, 2015

ප්‍රජාපතී පරපුර


දරුවෙක් හදන්න
අඩුවක් නොවුනත්
තමිලිනී
හැදුවේ
යුද්ධෙන් අනාථ වෙච්ච
අනුන්ගේ දරුවෙක්

කසාදයක් කරගන්න
අඩුවක් නොවුනත්
සෝමලතා
ගාමන්ට් ගියේ
අම්මයි තාත්තයි
බලාගන්න

කැම්පස් යාමට
අඩුවක් නොවුනත්
ෆරිදා
රට ගියේ
නංගිලා මල්ලිලව
කැම්පස් යවන්න

අනුන් වෙනුවෙන්
තමන් අමතක කළ
ප්‍රජාපතිගේ
පරපුර
තවමත්
සීරුවෙන්!!

4 comments:

  1. අනුන් වෙනුවෙන්
    තමන් අමතක කළ
    ප්‍රජාපතිගේ
    පරපුර
    තවමත්
    සීරුවෙන්!!

    ReplyDelete
  2. Was trying to comment on this on fb. Nice work. I have my reservations on topic though.

    ReplyDelete
  3. නූතන ප්‍රජාපතිනියන් බොහ් අපි අතර ඇති
    නමුත් අපිට දැනෙනවා අඩුයි
    මොකද එ් අය තරම් දුක හංගන්න පුලුවන් අය තවත් නැති නිසා...

    අදහස නම් ගිනි ගින්දර නැන්දේ... ජය...

    ReplyDelete
  4. නූතන ප්‍රජාපතිනියන් බොහ් අපි අතර ඇති
    නමුත් අපිට දැනෙනවා අඩුයි
    මොකද එ් අය තරම් දුක හංගන්න පුලුවන් අය තවත් නැති නිසා...

    අදහස නම් ගිනි ගින්දර නැන්දේ... ජය...

    ReplyDelete