Thursday, March 24, 2016

Get Up, Stand Up....Stand Up for Your Rights!!



අපි වැඩි හරියක් දෙනා අහල තියෙන ගීතයකට විචාරයක් ඉදිරිපත් කරන්න හිතුණා.... මේ ගීතය අපි දන්නා කියන කෙනෙක් ගායනා කරන ගීතයක්. ගීතය තමයි ‘Get Up Stand Up…Stand up for your rights…..’මේක කියන ගායකයා හැටියට අපි දන්නේ බොබ් මාලේ වුනත්, මේ ගීතය ‘වෙයිලර්ස්’ (Wailers) කියන සංගීත කණ්ඩායමේ, බර්නින් (Burnin) කියන තැටියට, මාලේ සහ පීටර් ටොෂ් දෙදෙනා එකතුව රචනා කරලා ගායනා කරලා තිබෙන්නේ. සංගීතය War කියල බටහිර සංගීත කණ්ඩායමක ගීතයකින් උපුටාගත්ත කියලත් කියනවා. 1973 වසරේදී තමයිමේ ගීතය අඩංගු තැටිය එලියට එන්නේ. එම තැටියෙන් ජනප්‍රියම වුණු ගීතය තමයි මම අද තෝරාගත් මේ ගීතය.  


ඉතින් ගීතය ගැන කතා කරන්න පෙර තව ටිකක් වටාපිටාව ගැන කතාකළොත් වේයිලර්ස් කියන සංගීත කණ්ඩායම එක්ක, 1963, එය පටන් ගත් දා සිට,  මාලේ අවුරුදු එකොළහක් විතර ගී ගැයුවා. මාලේ ගේ සංගීත ජීවිතය ආරම්භ වෙන්නේ ඒ කණ්ඩායම සමඟයි. නමුත් 1974 දී කණ්ඩායමේ ගායකයන් කීපදෙනෙක් තනියම ගීත ගායනය සඳහා වෙන්වෙනවා ඒත් එක්කම කණ්ඩායම නැති වෙලා යනවා. ඒක එහෙම වුණත්, මාලේ දිගටම ‘බොබ් මාලේ සහ වෙයිලර්ස්’ (Bob Marley & Wailers) යන නමින් ගායනය සිදු කරනවා.
මාලේ අවසන් වතාවට මේ නාමය යටතේ ගීත ගායනයේ යෙදෙන්නේ 1980 දී. ඊට පසු 1981 දී බොබ් මාලේ මරණයට පත් වෙනවා. මාලේ සහ වෙයිලර්ස් කණ්ඩායම ජැමෙයිකානු රෙගී සංගීතය තමයි තම නිර්මාණ වලට යොදා ගත්තේ. රෙගී කියන්නේ ‘රස්තාෆාරි’ කියන ආගමික නිකායක සංස්කෘතියට අදාලව බිහිවෙන සංගීතය. මාලේ ඒ නිකාය ඇදහු කෙනෙක් විදියට රෙගී සංගීතය ලෝකෙට ගෙනියනවා. (අද ලංකාවේ හිතන්නේ ජැමයිකාවේ පාට තුන තියෙන මොකක් හරි රෙද්දක් ඔලුවේ ඔතාගෙන ගංජා සුරුට්ටුවක් ගැහැව්වම රස්තා කියලනේ නමුත් එතනින් එහාට ගිය දේවල් ඒ සංස්කෘතියේ තියෙන බව බොබ් මාලේ අධ්‍යයනය කලොත් තේරෙනවා.)  මාලේ ගේ බොහොමයක් ගීත වල ජැමෙයිකානු ජනතාවගේ අයිතීන්, ඔවුන්ගේ දුක්කිත ජිවන තත්වය, සමාජ සාධාරණය, අයුක්තිය, ස්ත්‍රියට හිමි තැන ලබා දීම වගේ දේවල් අඩංගු වෙනවා. තවත් සමහරු ඒවා අර්ථ කථනය කරනවා ඔවුන්ගේ රස්තාඵාරී කණ්ඩායමට පිළිගැනීම ලබා ගැනීම වෙනුවෙන් ඔහුගේ ගීත බොහොමයක් ගායනා වුණු බව. එහෙත් ඒක එහෙම නෙමෙයි කියල ඔප්පු වෙනවා 1978 දී බොබ් මාලේ කරපු ප්‍රකාශයකින්. ඔහු කියනවා, 'මම දැන් වසර පහක් තිස්සේ ජනතාවට තම අයිතීන් වෙනුවෙන් නැගිටින්න කිව්වට, තවම නැගිටින පාටක් නැහැ....මම තවදුරත් මේ ගීතය කිව යුතුද කියල මගෙන්ම ප්‍රශ්න කරගන්නවා' .....ඉතින් මෙතැනින්ම තේරෙනවා ඔහුට තිබුණේ පොදු අරමුණක් කියල.

මට බොබ් මාලේ සමාන වෙන්නේ අපේ ලංකාවේ දී ගුණදාස කපුගේ ශුරින්ට ගීත වල අඩංගු දෑ, මොවුන්ගේ සංස්කෘතීන් ඇරුනහම මාලේ ගේ මරණයත් සිදුවෙන්නේ වැඩිපුරම නොසැලකිල්ල නිසා. තමන්ට රෝග තත්වයක් තිබියදීත් ඒ තත්වය ගනන් ගන්නේ නැතුව ගීත ගයන්න සංචාරය කරලා. එතකොට ගුණදාස කපුගේ ශුරින්ට මොකද වුනේ කියල අපි දන්නවනේ. අනේ මොවුන් ටිකක් වැඩිපුර ඔවුන් ගැන සිතුවානම් කියන සිතුවිල්ල් හැමවෙලේම මට මාලේ ගේ හෝ කපුගේ ගේ ගීතයක් ඇහෙද්දී හිතෙනවා.

දැන් ඉතින් මෙතැන වට පිටාව කතා කළා ඇති වගේ....ගීතයට කෙළින්ම ආවොත්.....
     
Get up, stand up, stand up for your right
Get up, stand up, stand up for your right
Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight

මේක ඉතාම සරලයි ඔහු ජනතාවට කියනවා ....නැගිටින්න ඔබේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්න....නැගිටින්න....අරගලය අතහරින්න එපා කියල...ජැමෙයිකානු ජනතාවගේ වර්තමාන තත්වය පවා ඉතාමත් දුක්ඛිත තත්වයක තිබියදී ඒ කාලයේ මේ තත්වය කෙසේ තියෙන්න ඇතිද කියා අපිට හිතා ගන්න පුළුවන් නේ. ඉතින් තව දුරටත් පාලකයන් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටි කියා බලා ඉන්නේ නැතිව තම අයිතීන් දිනා ගැනීම උදෙසා පෙරට එන්න කියල ඔහු ඉල්ලා සිටිනවා.

Preacher man don't tell me heaven is under the earth
I know you don't know what life is really worth
Is not all that glitters in gold and
Half the story has never been told
So now you see the light, aay
Stand up for your right. Come on

අපේ ශාස්තෘ වරුන් අපිට කියන්නේ නැහැ දිව්‍යලෝකය තියෙන්නෙත් මේ මිහිපිටමයි කියල...මට හොඳටම විශ්වාසයි ඔබ දන්නේ නැහැ මේ ජිවිතයේ තිබෙන සැබෑ වටිනාකම....අපි දැනගතයුතු දේවලින් භාගයක්වත් අපේ ශාස්තෘවරුන් අපිට පවසන්නේ නැහැ....කරුණාකරලා දැන්වත් ඔබේ අයිතීන් වෙනුවෙන් නැගිසිටින්න
 
Most people think great God will come from the sky
Take away ev'rything, and make ev'rybody feel high
But if you know what life is worth
You would look for yours on earth
And now you see the light
You stand up for your right, yeah!

බොහොමයක් දෙනා සිතනුයේ දෙවියන් වහන්සේ අහසෙන් ඇවිත් අපේ තිබෙන දුක් දෝමනස්සයන් නැති කරයි කියල ...නමුත් ඇත්තටම ජිවිතයේ තියෙන වටිනාකම දන්නවනම් ....ඔබ ඔබට ලැබියයුතු දේ මේ ලෝකය තුළින්ම සොයාගනු ඇත....දැන්වත් ඔබට තේරෙනවද.....ඔබේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්න...

Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight
Get up, stand up. Life is your right
So we can't give up the fight
Stand up for your right, Lord, Lord
Get up, stand up. Keep on struggling on
Don't give up the fight

අරගලය දිගටම කරමින් ඔබේ අයතීන් වෙනුවෙන් සටන් වදින්න....ඔබේ අයිතීන් වෙනුවෙන් නැගිටින්න....සටන අත හරින්න එපා....

We're sick and tired of your ism and skism game
Die and go to heaven in Jesus' name, Lord
We know when we understand
Almighty God is a living man
You can fool some people sometimes
But you can't fool all the people all the time
So now we see the light
We gonna stand up for our right

අපි අසනීපයෙන් සිටින්නේ එනිසා අපි උත්සහ කරලා තියෙන්නේ මමත්වයෙන් ක්‍රියාකරන්න විතරයි......මරණයට පසු දෙවියන්ගේ නාමයෙන් දිව්‍යලෝකයට යන බව අපි සිතා සිටියත්.....අපි හරියට අවබෝධ කර ගත්තොත් තේරෙයි දෙවියන් සිටින්නේ මේ ජිවත්වන මිනිසා තුලම බව.... ඔබට කිපදෙනේක්ව කීප විටකදී රවට්ටන්න පුළුවන් වුනාට ...හැමෝවම හැමවිටදීම රවට්ටන්න ලැබෙන්නේ නැහැ....කරුණාකර දැන්වත් ඔබගේ අයිතීන් වෙනුවෙන් නැගිටින්න....
 
So you'd better get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight
Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight

ඉතින් මේ විදියට මුළු ගීතයේම ජනතාවට කියනවා තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙරට එන්න කියල. ඒ වගේම ඉතා ම හොඳ දෙයක් ගැන ඔහු කතා කරනවා. මනුස්සකම ගැන. දෙවියන් මෙන්ම යක්ෂයා සිටින්නේද මේ මනුස්සයා ලඟයි. ඔබ ජීවිතය හොඳට අවබෝධ කරගෙන තමන්ට අවශ්‍ය දේ මමත්වයෙන් තොරව දිනාගන්න උත්සහ කළොත් මේ මිහිපිටම ඔබට දිව්‍ය ලෝකය මැවෙනු ඇති බවට ඔහු කියනවා. මේ ගීතය මගේ හිත ගන්න ප්‍රධාන හේතුවත් මේකමයි.

දැනට ලෝකයේ මානව හිමිකම් ගැන කතා කරද්දී ඒ වෙනුවෙන් ක්‍රියා කරන පළමු ආයතන කීපය අතරේ ඉන්න ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියන ආයතනයේ නිල ගීතය බවට මේ ගීතය දැන් වෙද්දී පත් වෙලා තිබෙනවා.

ඔන්න ඉතින් මං මගේ අදහස කිව්වා. යෝජනා චෝදනා, නිවැරදි කිරීම, ඌන පූරණ භාර ගනු ලැබේ.