Monday, May 30, 2016

No Woman, No Cry!!



බොබ් මාලේ ගේ ගීතයකට වැරදි තේරුමක් දීලා තියෙනවා දැකල හිතුන ඒ ගීතයේ සැබෑ අරුත දාන්න මේ හොඳ වෙලාවක් කියල. ගීතය තමයි No Woman, No Cry. කවුරු හරි මුහුණු පොතේ මේකට තේරුමක් දීලා තියෙනවා දැක්ක...’ගැහැණු නැත්නම්...අඬන්න වෙන්නේ නැහැ’ වගේ තේරුමක්.....නමුත් බොබ් මාලේ ගේ ගීතයෙන් කියවෙන්නේ මේ දේ නොවේ කියල හිතුන නිසා තව ටිකක් හොයලත් බැලුව.... 

ඒ ගැන මුලින්ම කියල ඉන්නම්...මුලින්ම මේ ගීතය තිබිල තියෙන්නේ "No, Woman, Nuh cry" කියල. ජැමයිකානු භාෂාවෙන් Nuh කියල කියන්නේ Don’t එහෙම නැතිනම් අපේ ‘එපා’ කියන අර්ථයට...ඒ කියන්නේ ගීතයෙන් ඇත්තටම කියන්නේ ‘නැහැ කාන්තාවනි අඬන්න එපා...ඔබට අඬන්න වෙන්නේ නැහැ’ වගේ තේරුමක්. අපි හරියටම ඒක එහෙමද කියල ගීතයේ අරුත් විමසීමේදී බලමු. ඉතින් බලන්නකෝ මේකත් අපේ අය හරවාගෙන තියෙන විදිය. 

ගීතයේ පසුබිම පැත්තට ටිකක් හැරුණොත්....මේ ගීතය තියෙන්නේ Bob Marley & the Wailers නමින් මුලින්ම 1975 දී සජීවී ව (Live) ලන්ඩනයේ ලයිසියම් ශාලාවේදී තිබුන ප්‍රසංගයේ පටිගත කිරීම ඇතුලත් වුනු ‘Live’ කියන ඇල්බමයටයි. මේ ගීතය තමයි ඒ ඇල්බමයේ වඩාත්ම ජනප්‍රිය වෙච්ච ගීතය. මතකයි නේ කලින් කිව්වා වේයිලර්ස් කණ්ඩායමෙන් 1974 දී කීප දෙනෙක් තනියම ගායනා කරන්න අයින් වුනා කියල. සමහරු කියනවා ඒ අයින් වුන අයට දරන්න බැරිවුනාලු මාලේ ට විතරක් ලැබුණ පිළිගැනීම. කොහොමහරි, ඊට පස්සේ තමයි මාලේගේත් තනියම ගායනා අපිට අහගන්න ලැබෙන්නේ. ඒ වගේම 1980 වෙනකන්ම මාලේ,  Bob Marley & the Wailers කියන නම භාවිතා කළා. ඉතින් මේ ගීතය තිබුණ ප්‍රසංගයට කලින් ප්‍රසංගය අසාර්ථක වෙලා තිබුනේ. මාලේ සහ කණ්ඩායම ජැමෙයිකාවේ සාර්ථක වුනාට පිට ලෝකයේ මාලේගේ රෙගී සංගීතයට  ඒ තරම් තැනක් ආවේ නැහැ. ඒකනිසාම මාලේ වැඩිපුර බරක් දාල මේ ප්‍රසංගය පැවැත්වුවා කියල කියනවා. ඒක ඇත්තටම සාර්ථක ප්‍රසංගයක් වුනා. ඒ නිසාම ඒකෙ ගීත තැටිගත වෙලා ඇල්බමයක් පළවුණා.     

දැන් අපි ගීතයට යොමුවුණොත්.....
No, woman, no cry;
No, woman, no cry;
No, woman, no cry;
No, woman, no cry.

අඬන්න එපා ගැහැණිය...අඬන්න එපා....

'Cause - 'cause - 'cause I remember when a we used to sit
In a government yard in Trenchtown,
Oba - obaserving the 'ypocrites - yeah! -
Mingle with the good people we meet, yeah!
Good friends we have, oh, good friends we have lost
Along the way, yeah!
In this great future, you can't forget your past;
So dry your tears, I seh. Yeah!

No, woman, no cry;
No, woman, no cry. Eh, yeah!
A little darlin', don't shed no tears:
No, woman, no cry. Eh!

ඒ මොකද කියනවනම් ............මට මතකයි අපි ට්‍රේන්ච්ටවුන් වල රජයේ භූමියක
අපිට හමුවුණු හොඳ මිනිස්සුන්ව ආශ්‍රය කරමින්
නිරීක්ෂණය කරමින් සිටියා කටමැත දොඩන්නන් ගේ හැසිරීම 
අපිට ඉන්නවා හොඳ යාළුවො...අපිට නැතිවෙලා තියෙනවා හොඳ යාළුවො...
ඉස්සරහට එන ලස්සන අනාගතයේදී ...අපිට කොයිම විදියකින්වත් අතීතය අමතක කරන්න බැහැ
ඉතින් ඔයාගේ කඳුළු නවතාගන්න ....
අඬන්න එපා....

Said - said - said I remember when we used to sit
In the government yard in Trenchtown, yeah!
And then Georgie would make the fire lights,
I seh, logwood burnin' through the nights, yeah!
Then we would cook cornmeal porridge, say,
Of which I'll share with you, yeah!
My feet is my only carriage
And so I've got to push on through.
Oh, while I'm gone,
Everything's gonna be all right!
Everything's gonna be all right!
Everything's gonna be all right, yeah!
Everything's gonna be all right!
Everything's gonna be all right-a!
Everything's gonna be all right!
Everything's gonna be all right, yeah!
Everything's gonna be all right!

මට මතකයි අපි ට්‍රේන්ච්ටවුන් වල රජයේ භූමියක සිටින විට
ජෝර්ජි අපිට ගිනි ගොඩක් ගහනවා
ලී කොට මුළු රෑම පත්තු වෙනහැටි මට මතකයි....
අපි ඊට පස්සේ බඩඉරිඟු පිටි වලින් කැඳ හදනවා ...
මම ඔයත් එක්ක ඒක බෙදා ගන්නවා....
ඉතින් මම යායුතුයි....
මම නැති අතරතුර....
හැම දෙයක්ම හොඳින් සිදු වෙනවාමයි
ඉතින් සොඳුරිය අඬන්න එපා.....

So no, woman, no cry;
No, woman, no cry.
I seh, O little - O little darlin', don't shed no tears;
No, woman, no cry, eh.

No, woman - no, woman - no, woman, no cry;
No, woman, no cry.
One more time I got to say:
O little - little darlin', please don't shed no tears;
No, woman, no cry.

මේ ගීතය දිහා බලපුවහම, සාරාංශය ලෙස තේරෙනවා...සැමියා / පෙම්වතා කොහේ හෝ යන්න හදන්නේ... කාන්තාව අඬනවා ඔහු කියනවා මම යායුතුමයි...මට හිතෙනවා ව්‍යංගයෙන් කියනවද කියල ... ගියේ නැතිනම් අපිට මේ වලෙන් ගොඩ ඒමක් නැහැ කියල...ඉදිරි අනාගතය සුභ වෙනවමයි...අපි අනාගතයේදීත් අපේ මුල අමතක නොකර ඉමු....ඔහු මතක් කරනවා ඔවුන් මුලින් හිටිය විදිය.... මම නැති කාලයේදීත් හැම දෙයක්ම හොඳින් සිදු වෙයි....ඔබේ වැළපීම නතර කරන්න... ඔහු නොකියා කියනවා ගැහැණියට ශක්තිමත් වෙන්න. අඬන්න කාලය නැහැ අපිට. අපේ අනාගතය සුභ කරගැනීම සඳහා අතීතයෙන් පාඩම් අරගෙන වර්තමානය ගොඩ නගා ගත යුතු බව. ඒ සඳහා ශක්තිමත් වෙන්න කියල මාලේ කාන්තාවගෙන් ඉල්ලා සිටිනවා...
ට්‍රේන්ච්ටවුන් කියන්නේ 1950 ගණන් වල මාලේ ජිවත් වෙච්ච ජමයිකාවේ ඉතා දුප්පත් ජනතාව ජිවත් වෙච්ච, රජයේ ඉඩම් වල, පුංචි පුංචි නිවාස වගේ අපි ඔය මුඩුක්කු නිවාස කියල කියන ජාතියේ නිවාස තමයි මොවුන්ට තිබුණේ. ඒ කාලේදී ඔවුන්ට තිබුනේ නැහැලු වෙනම ගෙදරට කෑම හදා ගන්න තරම් වත්කමක්. ඉතිං සමුහයටම කැඳ වගේ ආහාරයක් හදනවලු....ඔවුන් ජිවිතේ ගතකරලා තියෙන්නේ එහෙම. ඒ අතීතය තමයි මාලේ මේ මතක් කරන්නේ. එක කාන්තාවකට දෙන අවවාදයක් විදියට එයා මේ කතා කරන්නේ සියලුම දුප්පත් කාන්තාවන්ට කියලයි මට හිතෙන්නේ.  

මං මේ ගීතය අරුතේ දාන්න ඕනෑමයි කියල හිතුන තව දෙයක් තිබුණ...ඒ මාලේ කරලා තිබුන යම්කිසි දෙයක්. මේ ගීතය ලියල තියෙන්නේ මාලේ විසින්මයි. නමුත් ඔහු මේ ගීතයේ රචකයා හැටියට නම් කරලා තියෙන්නේ වින්සන්ට් ෆෝර්ඩ් එහෙම නැතිනම් ටාටාර් කියල හඳුන්වන කෙනෙක්ට. ඒකට හේතුව දැන ගත්තනම් ඔබ පුදුමවෙයි. මාලේ එහෙම කරලා තියෙන්නේ ගීතය සඳහා ඔහුට කතෘභාග හම්බ නොවී ඒ ලැබෙන මුදල මේ ටාටාර් කියන ඔහුගේ මිතුරාට යාමටයි. එහෙම කරලා තියෙන්නේ මේ ගීතය නිකුත් වෙච්ච කාලයේදීත් මේ මිතුරා අර කිව්වා වගේ සමුහයටම කෑම උයල සපයන ‘Community Kitchen’ කියන එකක් පවත්වාගෙන ගියාලු කිංස්ටන් නගරයේ. ඔහුට ඒ සඳහා මුදල් ලැබෙන්න තමයි මාලේ ඒ ගීතයේ රචකයා විදියට ඔහුගේ නම දාල තියෙන්නේ. ඔහුගේ නම ඇත්තටම මාලේ ගීත දෙකකට දාල තියෙනවා. පුදුමයි නේ......තමන්ට ලැබෙන තඹ සතේටත් මිනි මරාගන්න යුගයක මේ වගේ දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන්ම තේරෙනවනේ මාලේ ගේ පරමාර්ථය වුනේ ඔහුගේ ජනතාවට හොඳ වර්තමානයක් ලබා දීමයි.