Friday, September 25, 2015

කවියෙක්ට කවියක් වෙන්න ඇත්නම්!


මම කවියෙක්
ලියන
ආදරය, විරහව, සුළඟ, ඉර, හඳ...
ඔය හැම දෙයක් ගැනම

ඒත් ....

මට ඕන වෙන්න
කවියෙක්
මහපොළව ගැන ...
මිනිස්සු ගැන ...
අපේ දුක ගැන...
ලියන

නැහැ එහෙමත් නොවෙයි

මට ඕන වෙන්න
කවියක්
නිදන මිනිසුන් අවදි කරවන
මැරුණු හදවත් ජිවත් කරවන
අහසේ මාළිඟා පොළවට කැන්දන
කවියක් වෙන්න
ඕන මට...!!!

2 comments:

  1. මටත් ඕන කවියෙක් වෙන්න
    හැබැයි මගේ හිතට
    විතරක් දැනෙන දේ මට මදි...
    මට ඕන හැම කෙනාගෙම හිත් වෙන්න
    ඒ හිත් වලට දැනෙනෙ
    පසාරු කරන් ඇතුලටම කිඳා බහින්න....

    ReplyDelete
  2. මාත් කැමතී
    එක පුන්චි කවියෙක් වෙන්න
    ඒත්.,.
    සීමා ,යදම්, මායිම්...
    ඔය හැම දේම..
    එක වචන පේලියෙන්
    චුරු චොප්පන් කරන්නට
    අවසර ලැබෙන..😊

    ReplyDelete