Wednesday, January 13, 2016

යන්න ඔබ යන්න.....


ස්ථානය: ගෙදර කාමරය

දිනය: ඊයේ රාත්‍රිය

වැඩ ඇරිලා ඇවිත් මහන්සියටත් එක්ක රුපවාහිනියේ ඒ පැත්ත මේ පැත්ත ඔබමින් ඉන්නකොට, හදිසියේම ඇස ගැටුණ ලතා මංගේෂ්කාර් ගේ පරණ සිංදුවක් යන්න යනවා මම ඔහේ අහගෙන හිටිය....නිවේදකයා ගීතයේ තේරුම කියනවා...............

සින්දා රහෙගා ප්යාර මෙරා...මේ නහි තො ක්‍යා.......

මම නැතිවුනාට මොකද ....මගේ ආදරේ ඔයා ළඟ ජිවත් වේවි

එකනම් එහෙමමයි....

මතක් වුනා ඔයාව. රුපවාහිනිය වහාල දාල ඇඳෙන් පොඩ්ඩක් හාන්සි වුණා....මොනවා කරනවා ඇතිද ඔයා
මේ වෙලාවේ.....

අතීතය ගලාගෙන ආවා හිතට ....ඔයා හිටියේ මට විතරක් අයිති වස්තුවක් වෙලා.....ඒත් ඔයාගේ ගමන නවත්වන්න මට ඕන කමක් තිබුනේ නැහැ. මම සතුටු වුනා ඔයා ඉස්සරහට යනකොට. මම විතරයි නේද හිටියේ එතකොට. හැමෝම හැම පැත්තටම අදිද්දි මං උදව් කලේ ඔයාට ඉස්සරහට යන්න. හිතාගෙන ඔයා එහෙම ඉස්සරහට ගියොත් අපේ හීන අපිට එකතුවෙලා සැබෑ කරගන්න පුළුවන් කියල....ඔයාත් ගියා ඉස්සරහට...ටිකෙන් ටික ඔයා පොදු වස්තුවක් බවට පත්වෙන්න පටන් ගත්ත. අපේ අතරේ පවුරක් ගොඩ නැගෙමින් යනවා කියල මට තෙරුණ. ඔයාට වගේ වගක් නැතුව ගියා....මම ඉන්නවද කියලවත්...මට ඔයාගේ පස්සේ එල්ලිලා යන්න ඕන කමක් තිබුණේ නැහැ. මම අයින් වුණේ ඔයාට යන්න ඉඩදීලා...අපි වෙන්කරපු පවුර ප්‍රකාරයක් බවට පත්වෙමින් ගියා. මම පැත්තකට වෙලා හිටිය ඔයා මාව බලන්න එනකම්. පවුර බිඳගෙන. ඒත් ඔයා ආවේ නැහැ......ඔයාට හැමදේම අමතක වුණා.....

හදිසියෙන් දවසක එන ඔයා කියනවා...ඔයාව තේරුම් ගත්තු එකම කෙනා මමලු.... මාව නැතිකරගන්නේ නැහැලු කවදාවත්.....දැනටමත් ඔයාට මාව නැතිවෙලා කියන දේවත් තේරුම් ගන්න තරම්වත් සංවේදීතාවයක් නැතිව....ඔයා සතුටින් කියවනවා.......දවසක් ආව ....මට බලන් ඉඳල ඇති වෙච්ච.......ඉතින් ඔයාට ඔයාගේ මාර්ගයේ දුවන්න දීල....මම හැමදාම ඉබිගමනින් යන මගේ මාර්ගය තෝරා ගත්ත.......අද මම සතුටින්....ඔයා...ඔයත් ඔය දුවන දිවිල්ල් අස්සේ සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා.....

No comments:

Post a Comment