ඊයේ නුවර ඉඳන් එනකොට බස් එකේදී ටිකක් නින්ද ගියා...ඇහැරෙනකොට පිටිපස්සෙන් මෙහෙම දෙබසක් ඇහෙනවා......
පෙම්වතියක් තමන්ගේ පෙම්වතා එක්ක වෙන්න ඕන ෆෝන් එකෙන් කතාව
ඔයා මොකටද ඔය ප්‍රශ්න මගෙන් අහන්නේ....මම කන්න කැමතිම ෆැබ් එකේ කේක්...
චොකලට් නම්...මං හරි ආසයි කැඩ්බරි වලට...
රෝස වලට කවුද අනේ අකැමැති...
හෙට මොනවද ඕනේ?
ඔයා ඔය මෙච්චර වෙලා ඇහැව්වේ හෙට දෙන්නද?
අනේ..මට එහෙම කේක් එපා ෆැබ් එකේ ගණන් නේ....කැඩ්බරි නැතුව එඩ්නා වගේ එකක් ගේන්නකෝ....
මල් ඔයාට දෙන්න ඕනෙමනම් වෙන දවසක අරං දෙන්න මට....හෙට බොරුවට ගණන් වැඩියි...
මම කිව්වේ මම කැමති ඒවානේ...
ඔයා අරං දෙනවනම් ඒවා නැති වුනාට කමක් නැහැ...
අපි නිකන් සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ....
ඔයා දෙන ඕන දෙයක් මට ගොඩාක් වටිනවා ඉතිං සල්ලි ගොඩක් වියදම් කරන්න යන්න එපා......
==========================
මම හැරිලා බැලුවා....ගොඩක් ලොකු දරුවෙක් නෙමේ....පොඩි කෙල්ලෙක්....ඉතින් සතුටක් ආව....හීන ලෝකෙක හිරවෙලා ආදරවන්තයින්ගේ දිනය සමරනවා වෙනුවට ඇය ජිවිතේ තේරුම් අරගෙන සිටිනවාද කියල....ඒ වගේම අනික් පැත්තට හිතුනේ , එයාට ජිවිතේ ගොඩක් නොලැබුණු දේවල් ඇති...අමාරුකම් ඇති.....ඒකයි හීන හංගාගෙන ඒ හීන වෙනුවට ඇය ආදේශක ඉදිරිපත් කරන්නේ වෙන්න ඇති....ජිවිතේ ගැන තේරුම් ගතිපු පෙම්වතියක් නම් ඈ.....ඒ තේරුම් ගැනීම හේතුවෙන් ඇය ගන්න තීරණ නිසා එයාට හිත් රිදවා ගැනීම් නම් වෙන්න එපා කියල හිතෙන් ප්‍රාර්ථනා කරලා මම ආයේ ඇස් වහගත්තේ තව පොඩි නින්දක් දාන්න.
No comments:
Post a Comment